මේ ලිපිය ලියලා අදට හරියටම මාස පහක්... ඒ ලියපු දවස්වල සිදුවුණු පුංචි හිත රිදීමක් එක්ක මේක ලිව්වාට ඒ වෙලාවේ මේ දේවල් ලියන්න කියන්න ගිහිං ප්රශ්ණ තවත් දුරදිග යයි කියල නිහඩ උනා... ඒ නිහැඬියාව අද බිඳින්නේ එදාට වඩා රිදුණු තැළුණු දුකක් වේදනාවක් හිතේ හංගාගෙන... එදා හිතට ආපු දේට තව දේවල් ටිකක් එකතු කරලා ලියලා ඇති... කියවලා බලලා මම වැරදි නම් කියන්න...
පොඩි කාලේ විශ්වාසය ගැන ඉගෙන ගත්ත කතාවක් කියලම පටන් ගන්නම්...
එක මනුස්සයෙක් ලේසියට අපි කියමු කෝ නිමල් කියලා. නිමල් දෙවියන්ව හුගාක් විශ්වාස කළා... ඒ නිසාම මේ නිමල් හුගක් ධාර්මික කෙනකේ හැටියට සමාජයේ උදවිය පිළිගත්තා... ඒ වගේම ජීවත් උනා... මෙහෙම ඉන්නකොට නිමල් ඉන්න පළාතට ලොකු ධාරාණිපාත වැස්සක් වහිනවා, වැහැලා වැහැලා ලොකු ගංවතුරකින් ඒ පළාත යට වෙනවා... ටික ටික දැන් නිමල්ගේ ඉන මට්ටමට විතර වතුර. ඔය අතරේ ගම් වැසියෝ එයාලට පුළු පුළුවන් විදිහට පොඩි පාරුවක් හදාගෙන ඒ ගම අතැරලා යන්න තමයි ලෑස්තිය... කොච්චර උනත් නිමල් හිත හොඳ මිනිහා නිසා ගමේ කට්ටිය මිනිහට යෝජනා කළා එකතු වෙන්න කියල එයාලට... අර හදපු පාරුවකින් ආරක්ෂිත පලාතකට යන්න... නිමල් කිව්වේ
"නෑ නෑ ඔයාල යන්න, දෙවියන් කවදාවත් මට කරදරයක් කරන්නේ නෑ මට දෙවියන්ව විස්වාසයි"
අන්තිමට ගමේ මිනිස්සු ටික පාරුවෙන් යන්න යනවා... වැස්ස එන්න එන්න තද වෙනවා... වැහැලා වැහැලා දැන් කර මට්ටමට විතර වතුර. මේ පාර එන්නේ නාවික හමුදාවෙ බෝට්ටුවක්.... ආයෙත් නිමල්ට කතා කරනවා.... නිමල්ගේ පිළිතුරේ වෙනසක් නෑ.... බෝට්ටුවත් යන්න යනවා... මේ මනුස්සයගේ විශ්වාසය ඉතාම දැඩියි... ඒත් වතුර මට්ටම එන්න එන්න ඉහලට යනවා බැරිම වෙනකොටම නිමල් නගිනවා ගෙදර වහලේ උඩට. මේ පාර එන්නේ ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටරයක්.... මනුස්සයා ඒ මොහොත්තේ දෙවියන් ගැන විශ්වාස කරනවා... මිනිහා කෑ ගහලා කියනවා
"මට මගේ දෙවියන් විශ්වාසයි... එතුමා බලන්නේ මගේ විස්වාසය කොච්චර ගැඹුරුද කියලා... මගේ විශ්වාසය නිසා එතුමා මට කවදාවත් වැරදි දෙයක් කරන්නේ නෑ"
බැරිම තැන ඒ හෙලිකොප්ටරෙත් යන්න යනවා... අවසානෙට අපි හැමෝම හිතුවා වගේම නිමල් ගිලිලා මැරෙනවා... ඒත් නිමල් ගාව තිබ්බ දැඩි විශ්වාසය නිසාම දෙවියෝ එයාව සුවර්ගෙට ගෙන්න ගන්නවා. හැබැයි නිමල් දැන් නම් දෙවියන් ගැන සතුටින් නෙමෙයි ඉන්නේ.... නිමල් කෙලින්ම යන්නේ දෙවියෝ ගාවට ගිහින් කෑ ගහල බෙරිහන් දීල අහනවා
"දෙවියනේ ඇයි ඔබ මාව අතහැරියේ... මම ඔබව මෙච්චර විශ්වාස කරලත් මට මැරෙන්න ඉඩ හැරියේ?? ඇයි දෙවියනේ ඇයි??"
හැබැයි දෙවියෝ අපිට වඩා අපි ගැන දන්න නිසා බොහොම තැන්පත් ව නිමල් කියන මේ ඔක්කොම අහගෙන ඉවර වෙලා... නිමල්ට නිහඬ වෙන්න ඉඩ ඇරලා කටහඩ අවදි කරනවා...
"දරුවා මම උඹව බේරා ගන්න කොච්චර උත්සහ කළාද? මම උඹට පොඩි පාරුවක් එව්වා, දෙවනුව බෝට්ටුවක්, අන්තිමට බැරිම තැන හෙලිකොප්ටර් එකකුත් එව්වා. ඒත් උඹ ඒ එකකටවත් නැග්ගේ නෑ. උඹ මට තව වෙන මොනවා කරන්න ද කියන්නේ?"
ඔය වගේම තමයි ජීවත් වෙන අපි බොහෝ දෙනෙක් ගේ විශ්වාසය... ලොකුවට තමන් විශ්වාස කරන දේ ගැන කතා කරාට ඒ විශ්වාසය ලබා දෙන දේ... ජීවිතේ අපි දකින්නේ පොඩි දේවල් හැටියට... අපිට ඕන දේ විශ්වාසය නොදුන්නම අපි විශ්වාසයත් අවිශ්වාස කරන නිමල් වගේ වෙනවා... නිමල්ටත් පාරුව දැක්කම හිතෙන්න ඇති ගමේ මිනිස්සු ටික හදපු මේ චූටි පාරුවකට පුළුවනිද මේ මහා ගං වතුරෙන් බේරෙන්න කියලා... දෙවියෝ ඊට වඩා හොඳ යමක් සූදානම් කරලා ඇති කියලා...
ඔව් මමත් ඒ මනුස්ස ගනේම තමයි... මගෙත් විශ්වාසය බිඳුණු තැන් නැතුව නොවෙයි... හැබැයි තව මිනිස්සුන්ව හෙලා දකින්න තරම් නම් නෑ... ජීවිතයේ එක එක තැන් වලදී... යමෙක් ගේ විස්වාසය එක පුද්ගලයෙක් දෙන්නෙක් අතින් බිඳුන පළියට අනිත් හැම මිනිහෙක්වම හෙළා දකින්න තරම් පෙළබෙනකොට ඒ අයට අමතක වෙනවා අපි දෙවිවරු නෙමෙයි ඇට මස් නහර වලින් හැදුනු, අම්මකුගේ කුසෙන් වදාපු, හදවතකින් ලේ දුවන... මිනිස්සු කියලා...
මේ දේ කියන පාදක උනේ මට හිතවත්වම හිටපු කෙනෙක් එයාගේ ප්රශ්ණයක් වෙනුවෙන් මගේ අදහස අහලා... ඒ දේට මට හිතෙන, දැනෙන දේ අවංකවම කිව්වම, පෙරළා අකුණු වේගයෙන් එවෙලේම අහවලා නම් කිව්වේ මෙහෙම... අහවල් අහවල් කෙනා කිව්වේ මෙහම කියලා... මම කියපු දේ වංක, වැරදි දෙයක් කියන්න ලෝකේ නැති මනස්ගාත දේවල් කියන කොට ඇත්තටම මාව පණ පිටිං පුච්චලා දැම්මා වගේවුනු නිසා...
මම කියන්නේ තමන්ට අනිත් මිනිස්සුන්ව විශ්වාස නැත්නම් ඒ අයගෙන් දේවල් අහන්න එපා... ඇහුවත් කමක් නෑ තව කෙනෙක් කිව්ව හෝ තමන්ගේ හිතේ තියන අදහසට එකඟ නොවෙන පළියට ඒ අයව අමු අමුවේ හෙළා දකින්න එපා... දහ දෙනෙක්ගෙන් බැරි නම් සිය දෙනෙක්ගෙන් අහලා දෙයක් දැන ගන්න... ඒ මත තමන්ට සුදුසුයි කියල හිතෙන මතයක් භාරගන්න, හරියි කියල හිතෙන දේ කරන්න. හැබැයි එහෙම අහපු අදහස් විවේචනය කරලා එකිනෙකාව එකිනකා අතරේ හෙළා දකින්න එපා... එහෙම කරපුවම යමෙක් වෙනුවෙන් හිතේ තිබ්බ ගරුත්වය, ආදරය, දයාව, කරුණාව ලෙන්ගතු කම නැත්තට ම නැති වෙලා යනවා...
අඩුම ගානේ එහෙම දෙයක් තමන් අතින් උනා කියල තේරුණු දවසකවත් උඩඟු නොවී කටක් ඇරලා සමාවෙන්නවත් කියන්න පුරුදු වෙන්න... කොහෙවත් යන නොමිනිසුන් නැති කරපු විශ්වාසක් නිසා අහක ඉන්න දවසකට හරි අවංකව හිතේ තියෙන දේ කියල දුක සතුට එක වගේ බෙදා ගත්ත මිනිස්සු හැටියට අපි ජීවත් වෙනතාක් ඒ පළුදුවුනු යාළුකම හිතවත්කම කියන තුවාලක් එක්ක හිතින් මැරී මැරී දුක් විඳිනවා කියල විතරක් මතක තියා ගන්න...
සහතික ඇත්ත සහොදරයා. විශ්වාසයක් නැත්නම් මොන එහෙකටද අහන්නේ? මටත් ඔය දේ කීපවිටක් වෙලා තියනවා. ඒවගේම මම කියපු දේ අවිශ්වාස කරලා අන්තිමේ අමාරුවේ වැටිලා කතා බහ නොකර මාව දැක්කහම මඟ ඇරිය මිනිස්සුත් ඉඳලා තියනවා. මම නම් කෙනෙක් මගෙන් මොනවා හරි අහලා මම කියපු දේ හෙලා දකිනවා නම් ආයේ ඒ මනුස්සයාට මුකුත්ම කියන්න යන්නේ නෑ. හැබැයි මම වැරදි දෙයක් කීවා නම් ඒක නිවැරදි කරන එක ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔන්න බලන්න මට විශ්වාසය ගැන හිතුන හැටි. http://mamagodaya.blogspot.com/2011/06/blog-post_27.html
ReplyDeleteවිශ්වාසය කියන්නේ ඒක පාර්ශවීය දෙයක් නෙමෙයි... එහෙම නේද ගොඩයෝ කෙනෙක්ට විශ්වාස ලබන්න වගේම විශ්වාසය දෙන්න පුළුවන් වෙන්න ඕනේ... ඒක ගොඩගේ පොස්ට් එකේ කියලා තියෙනවා වගේ එක දවසින් දෙකින් ලැබෙන දෙයකුත් නෙමෙයි... ඒත් ඒ විශ්වාසය ගොඩනැගෙන්නවත් දෙන්නේ නැති තරමට මිනිස්සු විශ්වාසය තලන පෙළන කොට හිතට ආපු දුකට ලිව්වේ... බොහොම ස්තූතියි උඹේ අදහසට....
Deleteසහතික ඇත්ත..තමන් වැරදි බව තේරුණාම සමාවගන්න තරම්වත් නිහතමානී වෙන්න ඕනේ අඩුමතරමේ...
ReplyDeleteමගේ සරළ තර්කය එච්චරයි... අපි මිනිස්සුන්ගෙන් තැලිලා පෙළිලා දුක් වෙන මිනිස්සු... දෙවිවරු නෙමෙයි... හැබැයි සමාව දෙන දේව ගති පුරුදු වෙලා තියෙනවා... මුලිං මුලිං නිහඬව හිටියා හිත රිදේවි මේවා කියල... ඒත් අවසානයක් පෙනුණේ නැති නිසා තමයි නිහඬ බව බින්දේ.
Delete"God helps who help themselves" කියල කියනවනේ..
ReplyDeleteහුඟක් අය තව කෙනෙක්ගේ මතේ අහන්නේ තමුන්ගේ මතේ ස්ථාවර කරගන්න මිස හරි දේ දැන ගන්න නෙවෙයි..
ඒක වෙන්නැති දේශපාලලට දෙයියො හෙලුප් එක දෙනව ඇත්තෙ...හෙහ්...හෙහ්...
Deleteසරත් අයියාගේ කතාවට කටේ මසුරන් දාන්න ඕනේ... ඒත් මසුරන් නෑ නේ දැන් :D කව්රු නැතත් දෙවියන් ගාවවත් සැනසීම ඇති කියල තමයි ජීවත් වෙන්නේ... කොහොම හරි මම නිහඬව මුනිවත රැක්කා ඇති.
Deleteගුලියා, සෑහෙන හිත වේදනාවකින් වගේ මේක ලියල තියෙන්නෙ. කැලේ අලි මැරෙන්නෙ වලිගෙ පිටින්, ගණන් ගන්න එපා බං , නැව ගිලුනත් කමක් නෑ, චුන් එකේ ඉඳහං ඕව අමතක කරල දාල.
ReplyDeleteඔව් ඔබා මාමේ... මාස 5ක් 6ක් මේ දේවල් නොකියා හිතේ තද කරන්... යාළුකමක් හිතවත්කමක් රකින්න පුදුම උත්සහයක් ගත්තා... ඒත් බැරිම තැන තමයි මෙහෙම ලිව්වේ... කවදා හරි මෙහෙමවත් කියලා මම අවසාන වතාවටත් අවංක උනා කියලවත් මතක් වේවි.
Deleteමමත් විස්වාස කලා . . . . ඒ විස්වාසය මාව වලපල්ලටම අදිද්දිත් විස්වාස කලා . . . . අන්තිමටම ඒ විස්වාසයේ ප්රතිඵල විඳින්න සිද්දඋනේ මගෙ ගෑනිටයි දරුවටයි
ReplyDeleteමම දන්නවා ඕනේ අයියා කියන සීන් එක. ඇත්ත කෙනෙක්ව විශ්වාස නැත්නම් ඒ බව එක්කෝ ඒ මිනිහට කියන්න ඕනේ කෙලින්ම... මම මෙතැනදී කිව්වේ කෙනෙක් ව විශ්වාසයි විශ්වාසයි කියා කියා ඒ මිනිහව වංක පුදගලයෙක් හැටියට හංවඩු ගහන එක වරදී කියන එක... මොනා උනත් ඔයා හිත හොඳින් කළ දේට කව්රු හරි ඒ කරපු වැරදි දේ වලට කර්මය උත්තර දෙවි ඉක්ක්මනට ම.
Deleteහෙනම අව්ලෙන් ලියපු ලිපියක් වගේ.. දැන් ඉතින් ඉන්න ඕන හැටි තේරෙනවා නම් එච්චරයි.
ReplyDeleteතමන් ගැන අදිතක්සේරුවකින් හිතන්න හොඳ නෑ. අනුන්ව අවතක්සේරු කරන්නත් හොඳ නෑ
ReplyDelete