03/06/2011

මමද එක්වෙමි

මමත් මගෙමයි කියල පුංචි බ්ලොග් පිටුවක් ලියන්න අද ඉඳන් හිතා ගත්තා.... මේ දේ කරන්න කොතරම් දැනුම තිබ්බත්, ඒකට මේතාක් වෙනකම් අවශ්‍යතාවක් උනේ නෑ... ඊටත් වඩා උවමනාවක් තිබුනෙත් නෑ කිව්වොත් හරි.. එත් අන්තිම පේලිය, නිහාල් ගුරුසින්හයන්ගේ යතාර්තවාදියා සහ සැබෑ මිනිසා, දුකා, මනුස්සකම, ගොඩගේ වංහුං හා තවත් එහෙන් මෙහෙන් කියෙව්ව බ්ලොග් පිටු පරිහරනනය නිසා හිතේ මන්ඩි වෙලා තිබුණු, වර්තමානයෙන් යටවෙලා තිබුණු හුඟක් දේවල් හිත් සාගරයේ කැළබෙන්න ගත්තා... කාලයත් සමග සියුම්ම්ව මතකයෙන් ඈත් වුනු බොහෝ දේ ලියන්නටත්, මෙතක් ආ මගදී හමුවූ අත්විඳි  ජීවිත අත්දැකීම් වලින් හැකි තරමක් බෙදා ගන්නටත් එකී මෙකී නොකී හිතට එන දේවල් ලියා දාන්න මගෙමයි කියල ඉඩක් තැනක් තිබුන නම් කියල හිතුන. හිතට එන හැමදේම කාට හරි කියන්න බෙදාගන්න ලොකු පුරුදක් නොතිබුනත්... මෑත කාලයේ ආ බ්ලොග් රැල්ලට මමත් අහුවෙලා හිතට එන දේ කියල හිතට හරියි කියල දැනෙන දේ කරලා මගේ ගාව හැංගිලා තිබුණු අවයාජ බවක් උලුප්පල ගන්න මට පුළුවන් උනා... අවුරුදු ගානක් පුරා මම නොවෙයි මම විදිහට ජීවත් වෙලා තවත් මොනවා කාට හන්ගන්නද කියල හිතුනෙත් මේ අතරෙදිමයි...  පසුකරමින් ආ පුදුමාකාර ජීවිතයෙදී... මේ කෙටි කාලයට ජීවිතේ කෙනෙකුට විඳින්න පුළුවන් අසීරුම දුක් ගැහැටත්..... කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම සැප සම්පත් තාන්න මාන්නත්.... දෙකම එක ලෙස ලබන්නට පින් කරපු මම අපසු හැරී බලද්දී මටත් කියන්නට දේවල් ඕනා තරම් තියෙන බව තේරුම් ගියා...

ඉතින් මේ පුංචි උත්සයක් පමණයි.... සිංහල බාසාව හසුරුවන්න සහජ හැකියාවක් තිබුනත් කාලයත් සමග එය මොට්ට වෙලාද කියා කියා.... මම මේ ලියන ඒවා කවුරු කියවයිද හිත හිතා.... කාටද අනේ මගේ බයිලා අහන්න කියවන්න ඕනේ.. මම කියන දේවල් අහන්න, මම ඔයාලට කව්ද.... කියා කියා හැමදාම මේක පටන් ගන්න එක පස්සට දැම්ම... එත් අන්තිමට හිතාගත්ත.... හෙට දවසේ මම ලියන්නේ මට උවමනා දේ මට හැඟෙන දේ.... ඒවාට එකග වෙන අය... විවෙචය කරන අය ඉඳීවි... ඉතින් මට මොකෝ.... දුක නැත්නම් සැපක් තියේවිද.... නරකයි කියා දෙයක් නැති නම් හොදක් තියේද... කඳුලක් නැත්නම් සිනහවක් තියේද... විවෙචයක් නැත්නම් එකගතාවක්  තියේද... මේ ජීවිතය සමබර කරන දේවල්.... ඒක නිසා හොඳ සහ නරක, මල් සහ ගල් මුල් ඕනේ එකකින් මට ප්‍රතිචාර දක්වන්න මැලි වෙන්න එපා.... ඒ හැම වචනයක්ම මට කවදා හෝ දවසක ප්‍රොයෝජනවත් වේවි.... මා ලියන දේවල් වලින් මාව මනින්න උත්සහ කරන්න එපා... මමත් ඔයාල වගේම හැමදාම වෙනස් වෙන... කාලයත් සමග මුහුකුරා යන... සාමාන්‍ය මනුස්සයෙක්....


තමන්ට හිතෙන දේ කියලා දාන තරමටම තව කෙනෙක්ට ඇහුම් කන් දෙන්න,
මන්ද අප හැමටම අපට හිතෙන දේ කියන්න කෙනෙක් හෙටද ඕනා වෙයි...
ජීවිතේ සතුට කාලයන් බෙදා ගත කල එය තවත් සතුට ගෙන දෙන්නා සේම...
ජීවිතේ අසීරු දුක් කාලයන් බෙදා ගත කල දුක වඩාත් තුනී වෙයි...


දුක සතුට ජය පරාජය හිමි අහිමි ලෝකයේ යලිත් හමුවෙන තුරු....
හිතාදර ගුලියා...


8 comments:

  1. එල එල කොල්ලෝ...... බ්ලොග් කලාවට මමත් අලුත් එකෙක්. මම බ්ලොග් ලියන්න ගත්තේ සිංහල හොඳට පුළුවන් නිසාවත්, ලිවීමේ හැකියාව නිසාවත් නෙවෙයි. මගේ පාලුවට, යාලුවෙක් නැතිකමට වගේ තමයි බ්ලොග් එක පටන් ගත්තේ. ඉතින් උඹවත් සයිබර් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා.... දිගටම ලියපන්.... මුලින් හිතෙයි කවුරුත් කියවන්නේ නෑ වගේ කියලා.... ඒත් හොඳ පෝස්ට් එකක් දෙකක් ලිවහම කියවන්න කට්ටිය ඕන තරම් ඉන්නවා කියලා උඹටම තේරෙයි.... එහෙනම් සහෝදරයා ඉදිරියේදී හොඳ ලිපි පෙළක් කියවන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම උඹේ මේ බ්ලොග් වැඩේ අති සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!! ජය වේවා !!!!

    ReplyDelete
  2. මගේ පලවෙනි රසිකයා උඹ... ගොඩයෝ !! බොහොම පින් මාව දිරිමත් කළාට... මගේ ගොඩක් එව්වා ඔය තනිකම කැපෙන එව්වා වෙයි බලමුකෝ... ඉස්සරහට.

    ReplyDelete
  3. ඔය ලියල තියෙන්නෙ අපූරුවට.වෙන මොනවත් ඕන නෑ. තමන්ගෙම කතාව ලියන්න. මමත් මේ බෝ පැලේ වගේ හිටියට මේ බ්ලොග් වල ලියන්න බැරි දේ අප්‍රමාණයි. ලියන එක හොඳ මානසික විරේකයක්. අපෙ සීයලා පිං පොත්වල ලිව්වෙත් එයාලගෙ කාලයෙ කළ කී දේවල්.
    ලියන්න පටන් ගත්තම අදහස් ගලා ගෙන එන්නෙ ටැප් එකෙන් වගේ.

    ReplyDelete
  4. ලියන්නකෝ එහෙනම්.ලිව්වහම තමා හුරුවෙන්නෙ,එතකොට නිකම්ම පෝස්ට් කීපයක් එකවරම වුනත් ලියන්න පුලුවන්.ඔන්න අපිත් එනව කියවන්න.

    ReplyDelete
  5. ඇති යාන්තං මේකෙ කොමෙන්ට් කරන්න පුලුවං උනා . . . . මම මේපැත්තට ඇදුනෙ නිහාල් අයියගෙ බ්ලොගේ තිබුන කොමෙන්ට් එකකින් . . . .
    ඔන්න ඔහේ ලියමු මචෝ . . . .(හැබැයි අන්තිම පේලියටත් ලියපං)

    ReplyDelete
  6. කට්ටියටම බොහොම ස්තුතියි මේ පැත්තේ ගොඩ උනාට...
    @නිහාල් අයිය කියන්න වගේ හිතේ තියෙන දේවල් වචන වලට හරෝපුවම පස්සේ ආයේ ආයේ ඒවා කියෝනකොට හිතට මාර සහනයක්... කතාව සහතික ඇත්ත.
    @නදී (අක්ක, නගා) ලියන්න දේවල් නම් අප්‍රමානයි. වෙලාව තමයි... බලමු.. දැන් කල්පනා කලේ... දවසකට පුළු පුළුවන් විදිහට ලියල ඉවර ඉවර වෙන විදිහට පොස්ට් කරන්න....
    එක පාර ලියන්න ගියාම තමයි වෙලාව මදි...
    @ඕනය/ ඇන්ඩ අනිවාර්යෙන්ම මුල අමතක කරන්නේ නෑ අ.පේ එකෙත් ලියන්න හිත ඉන්නේ ඔය කොරපු පොඩි පොඩි සීන් කොන්... මේ පිටුව ගොඩක් වෙලාවට එදිනෙදා හිතෙන දේවල් වේවි.

    ReplyDelete
  7. සමාවෙයන් පහුවෙලා අවට. මං දැනන් හිටියේ නැහැනේ මේක ගැන.. මගේ උණුසුම් සුබ පැතුම් ගුලියා මලේ !

    ReplyDelete
  8. මොන පරක්කුද ජයියා අයියා මේ මගේ පලවෙනි සති කීපයනේ... බොහොම ස්තුතියි මගේ නිවහනට ගොඩ උනාට.

    ReplyDelete