11/06/2011

ජීවිතය සුන්දර ද මෙතරම්

අනන්තයේ එක දවසක, ජීවිතය දෙස ආපසු හැරී බලද්දී,
හැම මොහොතක්ම පූර්ණ නුමුදු ජීවිතය වෙනස්වී, වෙනස් වෙමින් තියේවි.
ආරම්භයක් හෝ අවසානයක් ගැන සොයන්නේ හෝ තැවෙන්නේ නැතිවේවි.
නිත්‍යයෙන් වෙනස්වූ වෙනස් වන ජීවිතය ගැන දුක් හෝ සුසුම් නොහෙලාවි.

සතුට සැප ඉදිරියේ සිර කරුවෙකු වූ මුත්, ජීවිතය මා සිර කලේ නැත.

දුක වේදනාව හමුවේ ඒකාකාරී  වූ මුත්, අත්දැකීම් වලින් නැවුම් බව ගෙනාවේය.
සියල්ල එපා වී ජීවිතය අත් හලමුත්, ජීවිතය මා අත් හලේද නැත.
දුක් වේදනා සැප සතුට ජීවිතය මිස, ජීවිතය මට උරුම නොකළ බව පසක් කර ගනිමි.

අනන්තයේ ඒ දවසේදී මම ප්‍රීතියෙන් උදම් ලමි, සතුටෙන් පිරී ඉහිරී යමි.

විඳි දුක් කරදර, සැප සම්පත මා පරිපූර්ණ කළ බව දැන ඒ ගැන සතුටු කඳුළු හෙලමි.
මම නොව මේතාක් ජීවිතය මා ජීවත් කළ බව දැන, ජීවිතයට පූජා කරමි.
ගෙවුණු අඳුරු කාලයන් හෝ මැව් සිහිනයන් ගැන නොව, මම අද ජීවිතය ජීවත් කරවමි.




5 comments:

  1. නියම අදහස. ජිවිතේ අපිට එපා කියලා හිතුනත් ඊලඟ මොහොතේ ඒ එපා කියපු ජිවිතේ ආයේ හයියෙන් අල්ලාගෙන තුරුල් කරගන්න හිතෙනවා. කිසිම දෙයක් සදාකාලික නොවිච්ච නියත නොවුන ලෝකේ හැමදේම වෙනස් වෙනවා. සමහර දේවල් අපිට සුභදායකයි. සමහර දේවල් අසුභයි. ඒ මොනදේවුනත් ජීවිතය නොනැවතී අපිව ජිවත් කරනවා.....

    ReplyDelete
  2. ගොඩයෝ බොහොම පින් කොමෙන්ටුවට.... වැඩේ කියන්නේ මේ බයිලා කිව්වට ජීවිතය තේරුම් ගන්න අපිට යන කල්.

    ReplyDelete
  3. ගුලියා . . . . අපිට පුලුවං ජීවිතේ ගැන බොහොම බර-සාර කතා පවත්වන්න . . . ලියන්න . . . කියල දෙන්න . . . ඒත් ප්‍රායෝගිකවම අපිට බෑ ජීවිතේ වටහගන්න . . . .
    හැබැයි . . . .
    අපිට පුලුවං ජීවිතේ ජීවත් කරවන්න . . .

    ReplyDelete
  4. ඕනයා... කිව්වත් වගේ... එකනම් ඇත්ත බං... බොහෝ ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට.ගුලියා: අම්මාට සුභ උපන් දිනයක්

    ReplyDelete
  5. පුට්ටස්ස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අසොකන් විරජන් කේමන් එතන් මංගල මුත්තමන්..
    අටලෝ දහමින් එනදේ බාරගෙන ඒවායින් නොසැලී ඉස්සරහට යන්න ..

    ReplyDelete