ඊයේ (19) මගේ අම්මිගේ උපන් දිනේ. ඔව් ! ඔව් ! අම්මි, අම්මා, මමා, මමී ඔය හැම එකක්කින්ම කියවෙන්නේ එකම කෙනෙක් ගැන නේ. මේ ඒ ආදරණීය අම්මා වෙනුවෙන් තබන සටහනක්.
පහුගිය සතියේ මගේ මිත්‍ර ජෝ මාව බලන්න ආවා. වෙනදට මිනිහගේ මූණ පුරාවට නිර්ලෝබීව පිරී තිබුණු හිනාව එදා මට පෙනුනේ බලහත්කාරයෙන් මූණේ රැදවූවක් වගෙයි. මිනිහ දවල්ට කාල හිටියෙත් නෑ. ඒ නිසා කන්න සැන්ඩ්විච් පෙති දෙකක් ටෝස්ට් කරගත්ත අපි දෙන්නා මිදුලේ බැංකුවකට වාඩිවෙනවාත් එක්කම ජෝ කටහඩ අවදි කලා.
"මමත් දැන් උඹ වගේම කුලී ගෙදරක ඉන්නේ. මම ගෙදරින් පිට උනා"
මගේ දෙඇස් උඩ ගියේ මටම නොදැනී. එය ජෝට කතාවේ ඉතුරු ටිකත් කියන්න මටම නොදැනී මගේ හිත දුන්නු ඉගියක් වෙන්න පුළුවන්.
ජෝ එතනින් එහාට කිව්ව ටික තමයි මේ...
"මම අවුරුදු 17 දී රස්සාවක් කරලා පඩි හම්බුනු පලවෙනි මාසේ ඉස්සෙල්ලම කරන්න ඕන උනේ, මටයි කියල ස්ථාවර ඉතුරුම් ගිණුමක් තියා ගන්න. ඒත් බැංකුවට ගියාම මගේ වයස මදි නිසාත්, බැංකුවෙන් දීපු යෝජනාව නිසාත් මම මගේ අම්මට කිව්ව මම වෙනුවෙන් ගිණුම අරඹන්න කියල, මම හැම මාසෙම එයාගේ ගිණුමට මගේ පඩියෙන් පවුම් 75ක ස්ථාවර නියෝගයක් (Standing Order) දැම්ම. ගිය මාර්තුවේ මගේ උපන්දිනේදී තමයි මට මතක් උනේ මටත් දැන් අවුරුදු 27ක් මෙට්චර කල් මම එකතු කරපුවයින් කසාදයක් කරගෙන මගෙමයි කියල ගෙදරකට යන්න කලවයසත් හරි නේද කියල. ඉතින් එදා මම අම්මට මතක් කළා වෙලාවක බැංකුවට ගිහින් ඒ ගිණුමෙන් සල්ලි ටික ගන්නත් ඕනේ වග. මාසයක් විතර එක එක වැඩ නිසා කල් ඇදුනු මේ වැඩේ අහවරක් කරන්න තකහනියක් නිවාඩුවක් දාල අම්මත් එක්ක බැංකුවට ගියා. ගියා නෙමෙයි ඇදගෙන ගියා... ඇත්තටම"
මද නිහැඩියාවකින් සුසුම්ලෑ ජෝ
"බැංකුවේ දොරකොඩදී මගේ අම්මා මට කිව්ව, ජෝ මට පොඩි පාපොචාරණයක් කරන්න තියෙනව උඹට... මගේ අතින් ඒ සල්ලි ටිකක් වියදම් උනා.... කියල මාව තිගැස්සුණ... ඒත් මගේ අම්මනේ කියල මම කිව්ව හරි ප්‍රශ්නයක් නෑ අපි තියෙන දෙයක් අරගෙන යමු... ඒත් අම්මගේ නිහැඩියාව මට කීවේ මෙතුවක් කාලයකට එකතු වී තිබිය යුතු පවුම් 9000 හෝ එහි පොලී තියා (පවුමක් අද රු 180ක්) මගේ ගිය මාසේ පවුම් 75 වත් ඉතුරු වෙලා නැති බවයි." ජෝ තම මව සමග ගෙදරවුත් මේ බව තම විශ්‍රාමික පියා හා ලොකු නංගී සමග කියූ විට නංගී "අනේ මාව ඕවට ගාව ගන්න එපා. මට කරන්න දෙයක් නෑ" කියා යන්නට ගිහින්. පියාද තම අවරුදු 10ක් වූ නැගණිය පෙන්වා... "පොඩි එකී නැත්නම් මම ඔය ගෑනිව දාල ගිහින් මීට හුඟක් කල්"... නිරුත්තර ජෝ "උඹ මගේ සල්ලි හොරකම් කලේ ඇයි??" ඇසූ විට මව පිළිතුරු දෙමින් "උඹට ඕනා නම් එහෙම හිතා ගනින්"... කියලත් අද වෙන තුරුත් සමාවෙයන් කියලවත් කියන්න උත්සහ කරලා නෑ.
වචයකුදු නොකීව ජෝ ඇඳිවත හා තම වාහනයේ යතුර ගෙන හිසලූ අත යමින් අවසානයේ තම මිතුරුකට කුලී ගෙවන්නට පොරොන්දු වෙමින් එහි නැවතී ඇත. ජෝගේ ප්රශ්නය "මම මගේ අම්මගේ තාත්තගේ ගෙදර ඉන්නට කුලියක් ද ගෙව්වෙමි. වියදමටයි කියා අම්මට වියදම් කාසිද දුනිමි. මා කුසින් වදාපු අම්මා ඇයි මට මෙහෙම කලේ. අඩුම තරමින් පස්සේ හොයල බලපුවම මේ අවුරුදු 10ටම මගේ නමින් ඉතිරි කිරීම් ගිණුමවත් විවෟත කරලවත් තිබ්බේ නෑ." ජෝ නාඩයි. ඒත් ඇස් දිලිසෙයි....
මට මාවම අමතක විය. පපුව හෝස් ගා දැවෙයි. කිව නොහැකිව ගොළු වූ බවකින් පෙළෙයි. අනේ මගේ අම්මා යන්න හිතේ දොන්කාර දෙයි.
මගේ හෝ මල්ලිගේ මේසය මතවූ පෑනක් පැන්සලක් ගන්නේද දෙතුන් වතාවක් අසාය. විටෙක එය කරදරයකි. "ඕකත් අහන්න දෙයක් ද" කියා සැර වුනු වාර කොපමණ ඇත්ද ? සෙනසුරාදා රෑ වන්නට පන්ති නිම වී ගෙදර එන මගේ මේසය මත 4ට නැමී පෙඟී ගිය 10යේ හෝ 20සේ නෝට්ටුවක් සමග මාරු කාසි කීපයකි. (පසු කලෙක පෙඟී ගිය දෙන්නට බැරි වූ පෙම් හසුනකි. බොඳවී ගිය නිසා අදටත් ඇය ඒ බව නොදනී) ඒ මගේ ඉස්කෝලේ කලිසම් කමිස ඈ හේදුවා කියන සංඛ්තයයි. සෙල්ලම් කරමින් ඉන්න විටෙක "පුතේ.. හොඳ පුතා වගේ... ප්‍රියන්ති නැන්දලගේ ගෙදර ගිහින් උඹට නොම්බරයක් දේවි ඒක අරන් එන්න"... "මොන මළ කරදරයක් ද අප්පා කෝල් එකක් දීල අහගන්නකෝ..." ඒ සීට්ටු දැමීම ගැන මගේ නොදැනුවත්කමින් අම්මට දුන් පිළිතුරයි. මට සීට්ටු දැමීමේ ඇති වාසියක් තවමත් නොතේරෙයි. මගේ 21වන උපන් දිනය දා... එතුවක් කාලයකට, පළමුව ජේසුට පහන තියා විත් නිදියමින් හුන් මගේ හිස සිප ගෙන Happy Birthday පුතේ පමණක් කියූ ඈ, අගේ බැංකු පොත, ම අත තබමින්... "මම පුතාට ආස ලැප්ටොප් එකක් ගන්න මම සල්ලි එකතු කළා... මම ගණන් දන්නේ නෑ... මෙතන තියෙන ගාන මදි නම් කියන්නකෝ" කිව්වේද ඇයයි. පොඩ්ඩක් රොස් වුනු මස් කරිය ගැන දොස් මුර දමා නොකා ඉන්නට යන මා හිස පිරිමැද "සමාවෙයන් මගේ පුතේ".... කිය කියා බත් ටික ගුලි කර කුස ගිනි නිව්වේද ඇයයි.

ඈ...

මට තව කියන්නට හැකිය. ඒත් මගේ කඳුළු මට වාවන්නේ නැත.
ඇයට සුබ පතන්න මම දුරකථනයෙන් කතා කලෙමි. ඈට දෙන්නට... ඈ ආස කරන තෑග්ගක් මා නොදනී. ඒත් දුරකථනයේ එහා පසින්... "පුතේ කවදද එන්නේ... අනේ පුතේ මුකුත් අරන් එන්න එපා.... ෂර්ට් කෑලි දෙකක් ඔතාගෙන එන්න.. මම පුතාව බලාගන්නවනේ... ටික දවසකට හරි අපි කට්ටිය ඔක්කොම එකට ඉමු" කියන්නේ ද ඇයයි. ඇයට දෙන්නට පුළුවන් ලොකුම තෑග්ග ඈ බලන්නට යාමයි.
සුභ උපන් දිනයක් වේවා අම්මේ....
අම්මි තාත්ති කඳානේ මංගල්‍යය දා
මට ඔවුන්ගේ උණුසුම ලබන තෙක් ඉවසුම් නැත.
මට ඔවුන්ගේ උණුසුම ලබන තෙක් ඉවසුම් නැත.
Wish your Mother and Father God's blessings and may her live long life...!
ReplyDeleteHappy belated wishes to ur mom machan....
ගුලියෝ..... උඹ මගේ ඇස් දෙක තෙමුවා.... ඊට වඩා දෙයක් මම කියන්නේ නෑ.... හේතුව මමත් අම්මගේ උණුසුමින් ඈත් වෙලා තනියම ජිවත්වෙන්න වෙලා තියන නිසා...........
ReplyDeleteනුඹේ මෑණියන්ට සුභ උපන් දිනයක් වගේම දීර්ගායුෂ පතමි !!!!
@නිර්මාල් : බොහොම ස්තුතියි සහෝදරයා...
ReplyDelete@ගොඩයා : ඇත්තටම මචන් තවමත් මගේ ඇස් වල කඳුළු... මට මගේ මිත්‍රයා ගැනත් දුකයි. ස්තුතියි සුභ පැතුමට..
මේක කියවල ඉවරවෙද්දි මගෙ පපුව හිරවුනා වගේ.
ReplyDeleteඔබේ මෑණියන්ට දීර්ඝායු පතමි!
@නදී ...මේ ඇවිත් ඉන්නේ.... මම එත් බැලුව අපිව අමතක වෙලාවත් ද කියල... ඔව් කිව්වත් වගේ ගොඩක් සංවේදී කතාවක්... අන්තිම ටික ලියන කොට තමයි තේරුනේ ලිව්වා තද වැඩිද කියලත්... ඇත්තටම මගේ යාළුවගේ කතාව ඔයිට ගොඩක් වඩා අප්සට් මම සැර බාල කලේ මටත් කියවන්න පුළුවන් වෙන්න...
ReplyDeleteජීවිතේ හැමදාම එක පිටුව ගන්නේ ලිවුවත් අම්මගේ ආදරේ ගැන ලියල ඉවර කරන්න කලින් අපි මැරේවි.. පුළුවන් හැම වෙලාවේම අම්මට කතා කරන්න අම්මට විතරක් නෙවෙයි තාත්තටත්.. ඒ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සතුට විතරයි.. දකින්න කතා කරන්න ඕනේ ඔයාගේ සැප දුක් දන ගන්නයි.. අමතක කරන්න එපා.. පුළුවන් හැම විටකම යන්න බලන්න. මේ ලෝකේ නියම ආදරේ තියෙන්නේ දෙමාපියන් ළඟ විතරයි අනිත් ඔක්කොම ආත්මර්තකාමයේ ප්‍රතිපල.. ප්‍රමාද වෙලා උනත අම්මට නිදුක් නිරෝගී දිගයුෂ පතන්නම් ඒ වගේම තාත්තටත්.. මට දැන් ඒ දෙන්නම නැහැනේ..
ReplyDeleteඔව් ඉක්මනින් යනවා ආයේ.... බොහෝ විට එන මාසේ. කියපු අන්තිම වාක්‍යයට නම් කටේ මසුරන් දාන්න ඕනේ (තිබ්බනම්) "මේ ලෝකේ නියම ආදරේ තියෙන්නේ දෙමාපියන් ළඟ විතරයි අනිත් ඔක්කොම ආත්මර්තකාමයේ ප්‍රතිපල"
ReplyDeleteගුලියාද බ්ලොගක් ලියන බව දැන ගත්තෙ අදය්.
ReplyDeleteඋඹේ වගේ දෙමව්පියන් ලබන දරුවොත්, උඹ වගේ දරුවෝ ඉන්න දෙමව්පියනුත් වාසනාවන්තය් සිතේ
විහිලු කුපාඩි කම් කම් අන්තිම පේලියේ ලිව්වට මේවා ලියන්න තැනකුත් තිබ්බනම් හොඳා කියල හිතුන... ඔබා මාමගේ වචන ටිකට බොහෝ පිං...
ReplyDeleteමම මේක දැක්ක කලින්. ඒත් සම්පූර්ණයෙන් කියෙව්වෙ අදයි. එයාල මහ නරක මිනිස්සු ගුලියෝ.. එයාල අපිට දීල තියෙන්නෙ කවදාවත් ගෙවල ඉවර කර ගන්න බැරි ණය මුදලක්. ටික ටික ගෙවන්න හැදුවට ඒ ගන්නෙත් නෑ.
ReplyDeleteපමා වී හෝ කමක් නැහැ .. ගොඩක් දුර ඉන්න නාඳුනන කෙනෙක් දීර්ඝායුෂ පැතූ බව ඔබේ අම්මාට කියන්න.
ගුලියා . . . මචං අද තමයි මට පොඩ්ඩක් විතර ජාලෙ සැරිසරන්න ඉඩක් ලැබුනෙ. පමා වෙලා හරි කමක් නෑ . . . . සුභ පැතුව කියපං උඹේ අම්මට . . . . සුභම සුභ උපන්දිනයකට . . . . .
ReplyDeleteප.ලි.
උඹ කවද්ද ලංකාවට එන්නෙ ?
නිහාල් අයියට සහ ඇන්ඩට බොහොම ස්තුතියි සුබ පැතුම් වලට...
ReplyDeleteප.ලි. බොහෝ දුරට ලබන සතියේ දෙකේ ඔහේ... :)
ගුලියො, එන දවස ඕනයට නොකියනවනන් වඩා හොඳය්
ReplyDeleteහරිම ලස්සනයි අයියේ,,අම්මාගෙ ආදරේ ගැන මං කියවපු ලස්සනම පෝස්ට් එකක්
ReplyDeleteuncle ඔබා ඔයාගේ කොමෙන්ට් එක දකින කොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි hikz නේ...
ReplyDeleteකඩේ හාමිනේ නගා මගේ පැලට ගොඩ වැදුනට ගොඩක් ස්තුතියි.. ඇහැක් ඇහැක් වෙලාවට මෙහෙ එන්නකෝ....
මගෙත් ඇස් දෙක තෙමුනා.....
ReplyDeleteතාරක මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි.
ReplyDeleteමම මුකුත් කියන්න යන්නෙ නෑ බං. මගේ ඇස් දෙක බොඳ වුනා කියල විතරක් කියන්නම්.
ReplyDeleteනියමයි මචං... වෙලාවට මගේ key board protector එක තිබුනේ..
ReplyDeleteKasun, පමෝද
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට...
Speechless...........
ReplyDelete